නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන Cඉට්ය් ඹ්‍රන්ඩින්ග් ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අනුරාධපුර, කතරගම, මහනුවර සහ කොළඹ යන නගර හතර තෝරාගෙන තිබෙනවා.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ එම නගරවල සුවිශේෂී අනන්‍යතාව ඉස්මතු කරමින් දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සහ නගරවල ආර්ථික ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි.
ටෙන්ඩර් ක්‍රියාවලියට අනුකූලව උපදේශන සේවා සමාගම් හතරක් මේ වන විටත් තෝරාගෙන ඇති අතර, ඔවුන් අදාළ නගර සහ අවට ප්‍රදේශ නිරීක්ෂණය කර ප්‍රදේශවාසීන්, පළාත් පාලන ආයතන සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.
එම සාකච්ඡාවලින් ලබාගත් තොරතුරු මත පදනම්ව එක් එක් නගරය සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත සන්නාමකරණ සැලසුම් ඇතුළත් මූලික වාර්තාව ඊයේ (1) ඉදිරිපත් කෙරුනා.
මෙම වාර්තාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේන මහතා සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.