ලංකා ඉතිහාසයේ බිහි වූ ධනවාදීම ආණ්ඩුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව – සංජීව එදිරිමාන්න

වත්මන් ආණ්ඩුව බලයට පත්ව අවුරුදු දෙකක් ගතව ඇතත්, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සාධාරණ සංවාද අවකාශයක් ලබා දී නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව, ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් බරපතළ අමතක වීමක් වත්මන් ආණ්ඩුවට ඇති බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ලබා දුන්නේ අනුර දිසානායක ජනාධිපතිතුමාගේ මුහුණ දෙස බලා නොව, ප්‍රතිපත්ති ප්‍රකාශය දෙස බැලීමෙන් බවයි අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුව බලයට පත්ව අවුරුදු දෙකක් ගතව ඇතත්, අපනයන සංවර්ධන සැලැස්ම එළියට පැමිණියේ පසුගිය මාසයේ බවද, ඉතිහාසය පුරාම විදේශ විනිමය අර්බුදයක සෙවණැලි සහිතව ඉදිරියට පැමිණි රට එයින් මිදීමට නම් අපනයන සංවර්ධනය තුළ සැලකිය යුතු වෙනසක්, පරිවර්තනයක් සිදු විය යුතු බව ද ඔහු සඳහන් කළා.

වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇත්තේ ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ නොව, ‘පොහොසත් ආණ්ඩුවක් සහ මැති ඇමැතිවරුන්ට ලස්සන ජීවිතයක්’ පමණක් වන බවත්, ලංකා ඉතිහාසයේ බිහි වූ ධනවාදීම ආණ්ඩුව අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *