සමුපකාර ක්ෂේත්රය වඩාත් කාර්යක්ෂම හා ස්ථාවර මට්ටමකට පත් කිරීම වෙනුවෙන් රජය සුවිශේෂී පියවර රැසක් දියත් කර ඇත. පැවති දේශපාලන හිතවත්කම් මත ප්‍රතිපාදන බෙදාහැරීමේ ක්‍රමය මුළුමනින්ම වෙනස් කරමින්, වඩාත් ක්‍රියාශීලී සමුපකාර සමිතිවල ප්‍රගතිය වෙනුවෙන් රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කර තිබේ.
අයහපත් කාලගුණය හමුවේ වී වේලීමට එල්ල වන බාධා මෙන්ම, මහා මාර්ග අයිනේ වී වේලීම නිසා ගොවි ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සහ අනතුරු වළක්වාලීම වෙනුවෙන් රජය සෘජුව මැදිහත් වේ.
ව්‍යාපෘතිය: දිනකට වී මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයක් සහිත නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Dryers) ප්රදානය කිරීම.
ප්‍රමාණය: දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත යන්ත්‍ර 50ක්.
වටිනාකම: එක් යන්ත්‍රයක් රුපියල් මිලියන 10ක් පමණ වේ (සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 500කි).