රට තුළ නිතීය හා සාමය ස්ථාපිත කිරීමට රජයට බැරි වෙලා – මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන සජිත් කියයි

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිදුවීම සම්බන්ධව අපක්ෂපාදී විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පැවසුවේ සිදුවූ මෙම ඛේදනීය තත්ත්වය හේතුවෙන් සහ තුවාලකරුවන් ඇතිවීම ආදී අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වීම බන්ධනාගාර පරිපාලනයේ බිඳ වැටීමක් හා අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුව ඇති බවය.

ජනාධිපතිවරයා විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස සිටියදී බන්ධනාගාරය තුළ ජීවිත හානි සිදු වුවහොත් රජය වගකිව යුතු බවට පැවසුව බැවින් මේ අවස්ථාවේදීද ජීවිත ගණනාවක් අහිමි වී ඇති නිසා වත්මන් රජයද මේ සිදුවීම සම්බන්ධව වගකිව යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී චෝදනා කළේය.

එමෙන්ම වත්මන් රජය බලයට පැමිණේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමට බව පැවසුවත් පවතින ක්‍රමය අසාර්ථක බවට මේ වන විට මීගමුව බන්ධනාගාරය හා කේන්ද්‍ර ගත වූ සිදුවීමෙන් පෙනී යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා නීතිය හා සාමය ස්ථාපිත කිරීමට රජයට නොහැකි ඇයිද යන්න ප්‍රශ්න කළ යුතු බවද පැවසීය.

බන්ධනාගාරය තුළ නිශ්චිත මානුෂීය පරිපාලනයක් ගෙනයන්නට නොහැකි කුමන හේතුවක් මතද යන්න ගැටලුවක් බවත් රටේ ජනතාව මෙම සිදුවීම දෙස බලා සිටින බැවින් රජය මේ සම්බන්ධව පිළිතුරු දිය යුතු බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *