බන්ධනාගාර ගැටුමේ වගකීම අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර භාරගනියි

බන්ධනාගාරගතව සිටි පිරිසක් මියයාම සම්බන්ධයෙන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හරෂණ නානායක්කාර මහතා අදහස් දක්වා තිබේ.
මියගිය පුද්ගලයන් රඳවා සිටි පවුල්වලට ශෝකය පළ කරන අතර, එම පුද්ගලයන් කවුරුන් වුවද සිදුවූ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් දැඩි කම්පනයක් පවතින බව අමාත්‍යවරයා පවසයි.

මියගිය පුද්ගලයන් අපරාධකරුවන් ද හෝ පාතාල සාමාජිකයන් ද යන්න තමන්ට අදාළ නැති බවත්, මිනිසුන් පිරිසක් මියයාම නොවිය යුතු දෙයක් බවත් ඔහු අවධාරණය කරයි.

අධිකරණ අමාත්‍යාංශය යනු තමන් යටතේ පවතින ආයතනයක් බැවින්, එම සිදුවීමේ වගකීම අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන් භාරගන්නා බවත්, එම ගැටලුව විසඳීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

සමස්ත ආණ්ඩුවම මෙම වගකීම භාරගත යුතුද යන්න තමන් නොදන්නා නමුත්, අධිකරණ අමාත්‍යවරයා ලෙස තමන්ට එම වගකීම භාරගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *