විශිෂ්ට රණවිරුවෙකු වන බලපන්ති ලුතිනන් ශාන්ත ජයතිලක යුදබිමේ දැක්වූ දස්කම් වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’ සහ ‘රණශූර’ ඇතුළු පදක්කම් හතක් දිනාගත් අයෙකු බවත්, ඔහු ලැබූ එම පදක්කම් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින් “තහඩු කෑලි” ලෙස හඳුන්වමින් අපහාසාත්මක ලෙස කතා කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ජනාධිපතිවරයා විසින් ලබාදෙන මෙවැනි උසස් සම්මාන, ජනාධිපතිවරයා යටතේ සේවය කරන අතිරේක සොලිසිටර් ජෙනරල්වරයෙකු විසින්ම අවඥාවට ලක් කිරීම නුසුදුසු බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නීතිඥයෙකු අධිකරණයේදී කරුණු දක්වන විට, වෙනත් පාර්ශ්වයන්ට අපහාස නොකළ යුතු බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ රීති 53 සහ 54 දිලීප පීරිස් විසින් උල්ලංඝනය කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
මෙම රීති දිගින් දිගටම උල්ලංඝනය කරමින් කටයුතු කරන බැවින්, දිලීප පීරිස්ගේ නීතිඥභාවය අහෝසි කිරීමට සිදු වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.