අශෝක රන්වල කාබනික පොහොර ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස විනාශ කළ බව ගෝඨාභය කිව්වා – මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

ගෙවුණු අවුරුදු 60 ක කාල සීමාව තුළ, ආණ්ඩුවක් බලයට පැමිණි මොහොතේ පටන්ම, ‘රට විනාශ කළ යුතු’ බවට සිතූ එකම කණ්ඩායම වන්නේ ජනතා විමුක්ති පෙරමුණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන පවසනවා.

ඒ අනුව, ආණ්ඩුවක් බලයට පැමිණි පසු, ඒ ආණ්ඩුව පත්වූ දවසේ සිටම එය පරාජයට පත් කරන්නට අනිත් පක්ෂ උත්සාහ කිරීම සුදුසු නොවන බවට කාදිනල් හිමිපාණන් විසින් සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

2022 වසරේදී රටේ පොහොර හිඟ වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාබනික පොහොර වගා ව්‍යාපෘතියක් ගෙන ආ බවත්, එම කාබනික පොහොර ව්‍යාපෘතිය විනාශ කළේ අශෝක රන්වල මන්ත්‍රීවරයා බවයි ඔහු ප්‍රකාශ කළේ.

එය කඩාකප්පල් කළේ සහ එම ව්‍යාපෘතිය කුමන්ත්‍රණකාරී ලෙස මුළුමනින්ම විනාශ කිරීමට වගකිව යුත්තේ අශෝක රන්වල බවට පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *