ඩෙංගු මර්දනය කිරීම සදහා දැනට සිදු කරන ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීමේ ක්‍රියාවලිය සිදු කරන අතර ත-ුර, ඩෙංගු මර්දනය සදහා මේ වන විට ලෝකයේ රටවල් 41 ක් පමණ භාවිතා කරන, ලෝක සෞඛ්‍ය සංවිධානය ද අනුමත කර තිබෙන එන්නත්කරණ ලංකාවට හදුන්වා දෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි.
ඊට අමතරව, ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන තවත් එක් ක්‍රම වේදයක් වන වොල්බැකියා නමැති ක්‍රමවේදය හදුන්වා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බව අමාත්‍යවරයා පවසයි.