පසුගිය දශකය තුළ වෛද්‍යවරුන්ගේ ආයු කාලය අඩුවෙද්දි ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ගේ ආයු කාලය වැඩිවෙයි

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල වෛද්‍යවරුන්ගේ ආයු කාලය සාමාන්‍ය වෘත්තියවේදීන්ගේ ආයු කාලයට වඩා අඩු බවට 

ඉන්දියාව තුළ සිදු කරන ලද පරීක්ෂණයක් මගින් තහවුරු වී ඇති අතර, කෙසේ නමුත් ශ්‍රී ලංකාව වැනි රටවල ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවේ යෙදී සිටින පුද්ගලයින්ගේ ආයු කාලය බොහෝදුරට වයස අවුරුදු 65ට වඩා වැඩි බව 

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

පසුගිය දශක පහක පමණ කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ හා පළාත් සභා ක්ෂේත්‍රයේ සිටී ප්‍රධාන කළේ දේශපාලකයින්ගේ ආයු කාලය සම්බන්ධව සිදු කළ සමාජ සමීක්ෂණයක් අනුව 

මෙරට ප්‍රධාන පෙළේ දේශපාලකයින් අතරින් සියයට 65 කට වැඩි ප්‍රමාණයක් 

අවුරුදු හැටපහට වඩා ජීවත් වන බවත්, තවත් සියයට දහයකට අධික ප්‍රමාණයක්  වයස අවුරුදු 75 ට වඩා ජීවත් වන බවත්, මේ අතරින් වයස අවුරුදු 80 ද ඉක්මවා ජීවත් වන දේශපාලකයින්ද සියයට 5 ආසන්න ප්‍රමාණයක් සිටින බව ඔහු පෙන්වා දෙයි. 

අඩු වශයෙන් මිය යන දේශපාලකයින් අතරින් වැඩි ප්‍රමාණයක් හදිසි හෘදයාබාද, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතාව අනතුරු මත සිදුවී ඇති බවත්, පිළිකා වැනි රෝගී තත්ත්වයන් මත මියගොස් ඇති දේශපාලකයින් ප්‍රමාණයද සැලකිය යුතු ලෙස අඩු බව ඔහු පෙන්වා දෙයි. 

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නිරතව සිටින ප්‍රධාන පෙළේ දේශපාලකයින්ට ප්‍රමුඛ පෙළේ වෛද්‍ය පහසුකම් හිමිවීම, පාර්ලිමේන්තු වෛද්‍ය රක්ෂණ ක්‍රමයන් යටතේ ඉහළම වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබීම, පුද්ගලික හා විදේශීය රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පාර්ලිමේන්තුව වරප්‍රසාද යටතේ අවස්ථාව හිමිවීම, 

ඔවුන්ව රැක බලා ගැනීම සඳහා දරුවන්ගේ හා හිතවතුන්ගේ සහය ලැබීම, නිරෝගී දිවි පෙවෙතක් සඳහා වන අනුගමනය කළ යුතු ජීවන ක්‍රම අනුගමනය කිරීම ආදිය මේ කෙරෙහි බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි. 

එසේම ආර්ථිකමය වශයෙන් ඔවුන්ට දැඩි ගැටළු සහගත තත්ත්වයක් නොමැති වන සාපේක්ෂව මානසික ආතතිය අඩු වශයෙන් ජීවත්වීමත්, දේශපාලනයෙන් ගත නොකරන සෑම අවස්ථාවකදීම විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් ගත කිරීමට මෙයට හේතුවක් බව පෙන්වා දෙයි. 

සාමාන්‍ය මහජනතාවට පවතින ආර්ථික බර, ණයබර, බදු බර, දරුවන්ගේ අධ්‍යාපනික වියදම් සඳහා වන බර, සෞඛ්‍ය වියදම් සඳහා වන බර මෙම ඉහළ පෙළේ දේශපාලකයින් සඳහා අවම මට්ටමක පැවතීමද ඉහළ කාලයක් වැළඳීමට හේතුවක් බව ඔහු පෙන්වා දෙයි. 

මෙරට 1977 පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් අතරින් වැඩි  ප්‍රමාණයක් හදිසි අනතුරු හෝ ත්‍රස්තවාදී විපත් මත මිය යාමකට පත් නෝවඹ අවස්ථාවලදී වයස සවුරුදු 80 ආසන්න අනතුරු ඔවුන් ජීවත්ව ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

මෙම සමාජ සමීක්ෂණය සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යන සිදුකරන බවත් ඉදිරි මාස හයක කාල සීමාවේදී මේ සම්බන්ධ සවිස්තරාත්මක වාර්තාවක් ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *