නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් විකිණීම තහනම් කරයි

නිසි ප්‍රමිතියෙන් තොර LED බල්බ් ආනයනය, ගබඩා කිරීම හා අලෙවිය තහනම් කර ඇති බවත් ඒවා අලෙවි කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරනවා.

LED බල්බ් අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත අවම බලශක්ති කාර්ය සාධන ලේබලය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කර තිබෙනවා.

මේ වන විට රට පුරා විවිධ පුද්ගලයන් ප්‍රමිතිය රහිත LED බල්බ් අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවත් එවැනි ස්ථාන වැටලීමටත් එවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරන්නේ.

2020 මැයි 28 දින අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි.

ඒ අනුව LED බල්බ්වල (වොට් 60ට හෝ ඊට අඩු) අවම බලශක්තිය ලේබලය අලවා නොමැති බල්බ් අලෙවිය සපුරා තහනම් බවද එම අධිකාරිය අවධාරණය කරනවා.

එවැනි බල්බ් මිලදී ගැනීමෙන් වළකින ලෙසද ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *