මගීන් 06 දෙනෙකු ගෙන යා හැකි ඩ්‍රෝන යානා ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පියවර ගනියි

මගීන් ගෙන යා හැකි ඩ්‍රෝන යානා සේවාවක් මෙරට ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දමින්ද රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, මෙය නියමු ව්‍යාපෘතියක් (Pilot Project) ලෙස ක්‍රියාත්මක කරන බවයි.

මෙම එක් ඩ්‍රෝන යානයක මගීන් 06 දෙනෙකුට ගමන් කළ හැකි අතර, මෙවැනි ව්‍යාපෘති මේ වන විට චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල සාර්ථකව ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *