එදා මාලිමාවට කියපු අය අද මට රට බාරගන්නලු – බත්තරමුලේ සීලරතන හිමි කියයි

ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබා වත්මන් රජයට බලය ලබාදුන් ජනතාව අද වන විට දැඩි ලෙස අසරණ වී ඇතැයි ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

ප්‍රවෘත්ති සකච්ඡාවක් කැඳවමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

වත්මන් පාලනය තුළ විශේෂයෙන්ම ගොවි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, ජනතාව දැන් තමන් වහන්සේ සොයා පැමිණෙන බවත් කියා සිටි‍යා.

මීළඟ වතාවේදී හෝ උන්වහන්සේ මේ රටේ බලය ලබාගෙන තමන්ව ආරක්ෂා කරන ලෙස ජනතාව මේ වන විට ඉල්ලා සිටින බව උන්වහන්සේ පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *