සබන්වල මේද ප්‍රතිශතය සටහන් කිරීම අනිවාර්ය කරයි

මෙරට වෙළෙඳපොළ තුළ දැනට පවතින සබන් නිෂ්පාදනවල නම සහ සමස්ත මේද ප්‍රතිශතය ඇසුරුම් මත සඳහන් කිරීම අනිවර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වී ඇත. මෙම නියෝගය 2027 ජූලි මස 9 වන දින සිට බලපැවැත්වේ.

වෙළෙඳපොළ තුළ ඇතැම් නිෂ්පාදනවල අන්තර්ගත අමුද්‍රව්‍ය හෝ මේද පදාර්ථ ප්‍රතිශතය පිළිබඳ කිසිදු සඳහනක් නොමැති බවට චෝදනා එල්ල වී පවතින අතර බහුතර සබන් ශීර්ෂ දමමින් දේශීය නිෂ්පාදන සහ ඇතැම් සබන් නිෂ්පාදනයන් විදේශයෙන් ආනයනය කරන බවට වාර්තා වී ඇත.

ඒ අනුව අදාළ නිෂ්පාදන නාමය සහ අකුරින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ එම භාෂා දෙකකින් ප්‍රධාන රාමුවද මතද, අනෙක් භාෂාවෙන් වෙනත් ඕනෑම රාමුවක සඳහන් කළ යුතුය. ඇසුරුම් කරන අවස්ථාවේ නිෂ්පාදනයන්වල අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය (%) පැහැදිලිව ප්‍රකටව සහ මිලිමීටර් දෙකක් (මි.මී.2) නොවඩුව ඝන අකුරෙන් මුද්‍රණය කළ යුතුය. මෙම නව රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවින් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් සඳහා අදාළ වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති එස්.එම්.සී. සූරියකුමාර මහතාගේ නිර්දේශය මත මෙය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *