House of Fashions හිමිකරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරයි

“හවුස් ඔෆ් ෆැෂන්ස්” (House of Fashions) ආයතනයේ හිමිකරු ප්‍රීති ජයවර්ධන මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (17) නියෝග කළේය.

ශ්‍රී ලංකා රේගුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විමර්ශනයකට අදාළව, රේගු නිලධාරීන් පිරිසක් විසින් ප්‍රීති ජයවර්ධන මහතා ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි. 

කෙසේ වෙතත්, අත්අඩංගුවේ පසුවෙද්දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගැනිණි.

සැකකරු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රෝහල වෙත පැමිණ ඔහුව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව, ප්‍රීති ජයවර්ධන මහතා මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *