යකෝ අපි බුදුන්ගේ නෑදෑයෝ,කසිප්පුකාරයෝ කියලා අපිට අපහාස කරනවා – මහියංගනයෝ ගොවියෝ ආණ්ඩුවට අමතයි

තමන් ඇතුළු ගොවි ජනතාව බුදුන් වහන්සේගේ නෑදෑයන් බවත්, එවැනි තමන්ට ‘කසිප්පුකාරයන්’ යැයි පවසමින් අපහාස කිරීමට එරෙහිව වත්මන් රජයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බවත් මහියංගනය ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පවසති.

රජයේ ඇතැම් ක්‍රියාමාර්ග සහ ප්‍රකාශයන්ට විරෝධය පළ කරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් වත්මන් පාලනාධිකාරියට සෘජු අභියෝගයක් එල්ල කළහ.

එහිදී දැඩි ලෙස කෝපයට පත්ව සිටි ගොවීන් මෙසේ ද සඳහන් කළහ.

“යකෝ.. අපි බුදුන්ගේ නෑදෑයෝ. බුදුන්ගේ නෑදෑයින්ට කසිප්පුකාරයෝ කියලා අපහාස කරනවා. උඹලාට රිටර්න් එක දෙනවා අපි. පුළුවන් නම් බැහැපල්ලා මහියංගනයට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *