පොලිස්පති දෙව්නුවර දේවාලේ කාවඩි නවත්තලා, කාවඩි නැතුව පෙරහැර නෑ වගේ – නාමල් රාජපක්ෂ කියයි

දෙවිනුවර දේවාල පෙරහැරේ සහ කුඩාවැල්ල පෙරහැරේ කාවඩි නැටුම් අංග තහනම් කිරීමට පොලිස්පතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබේ.

කාවඩි නොමැතිව දෙවිනුවර හෝ කුඩාවැල්ල පෙරහැර පැවැත්වීම හිස් බවක් ගෙනදෙන බව පෙන්වා දෙන ඒ මහතා, පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව සැපයීම වෙනුවට කාවඩි අංග නැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටී. “පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න?” යනුවෙන් ඔහු විමසා සිටියි.

පොලිස්පතිවරයාට තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව කෙරෙහි එතරම්ම සැකයක් පවතින්නේදැයි ප්‍රශ්න කරන නාමල් රාජපක්ෂ මහතා, දෙවිනුවර දේවාල පෙරහැරටද අත්වූයේ එවැනිම ඉරණමක් බව සඳහන් කළේය.

එමෙන්ම, සංවිධානාත්මක අපරාධකරුවන් රට පාලනය කරන ආකාරය දෙස බලන විට, ඉදිරියේදී තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්නා ලෙස පවසමින් පොලිස්පතිවරයා තමන්ටද ලියුමක් එවන තත්ත්වයක් උදාවිය හැකි බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *