ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ බැබළවීමට සහ මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පවසයි.
තම ඉදිරි ක්‍රීඩා ඉලක්ක පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මීළඟ ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනාගැනීම තමන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවයි.