අප්‍රේල් 21 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම ඇතුළු චෝදනාවලට අදාළව බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට සාමාන්‍ය බන්ධනාගාර රැඳවියන් සඳහා හිමිවන ජම්පර් ඇඳුම් ලබාදීමට කටයුතු කර තිබේ.
ඒ අනුව ඔවුන්ට කිසිදු විශේෂ පහසුකමක් හිමි නොවන අතර, පිටතින් ආහාර ද්‍රව්‍ය ලබාගැනීමටද අවසර හිමිවන්නේ නැත.
කෙසේ වෙතත්, සාමාන්‍ය බන්ධනාගාර නීතිරීතිවලට අනුකූලව සතියකට වරක් පමණක් ඔවුන්ගේ පවුලේ සමීපතමයන්ට පැමිණ සුවදුක් විමසා බැලීමට අවස්ථාව හිමිවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.