තවත් බන්ධනාගාර තුනක් සම්බන්ධයෙන් තමාට ලැබී ඇති තොරතුරු බන්ධනාගාර ප්‍රධානීන්ට ලබා දී ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මහර ගැටුම පිටුපස එම බන්ධනාගාරය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් තිබෙන බව පෙනී යන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා ඊට බාහිර පාර්ශවයක් මැදිහත් වූ බවට සැකයක් මතුවන හෙයින් ඒ ගැන පරීක්ෂණයක් අරඹා අැතැයිද ප්‍රකාශ කළේය.
මහර බන්ධනාගාරයේ දේපළවලට සිදුවූ හානිය ගණනය කරගෙන යන බවත් ඒවාට සම්බන්ධ රැඳවියන්ට හිරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මහර බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.