අතීතයේ සිටම බුද්ධාගමට හෝ බෞද්ධ උරුමයන්ට හානි කිරීමට උත්සාහ කළ කිසිදු නායකයෙකුට ඉදිරියට යාමට නොහැකි වූ බවත්, එම නිසා වත්මන් ජනාධිපතිවරයා ද බුද්ධාගමට අත තැබීමට උත්සාහ නොකළ යුතු බවත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ, යම් හෙයකින් ආණ්ඩුව බුද්ධාගමට හෝ ශාසනයට හානිකර වන අයුරින් කටයුතු කළහොත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ද සිදුවන්නේ ගෙදර යාමට බවයි.