22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුම්වත් කිරීම සදහා වූ සාකච්ඡාවකට සහභාගී වන ලෙස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයට ආරාධනා කර තිබුණි.
පොදුවේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් එවැනි කැදවීමක් කිරීමේ බලයක් විපක්ෂනායකවරයාට නැති බව සභානායක බිමල් රත්නායක මහතා පසුගිය දා පැවසූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට, නීතීඥ සංගමසයේ නියෝජිතයන් හමුවීමේ බාධාවක් නැති බවද ඔහු පැවසී ය.
වර්ධනය වෙමින් පැවතින මෙම තත්ත්වය මත, අද දිනයේ දී පැවැත්වීමට නියමවිතව පැවති හමුව කල් දැමීමට ශ්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබේ.
අදාල සාකච්ඡාව සදහා විපක්ෂයේ මන්ත්‍රීවරු මෙන්ම, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද සහභාගී වන බව සහතික කරන දිනයක දී එම හමුව පැවැත්වීම වඩාත් සුදුසු බව නීතීඥ සංගමය යෝජනා කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමුකර තිබෙන ලිපියකින් නීතීඥ සංගමය මේ බව පවසා තිබේ.