නම් කර ඇති අති විශේෂ අවස්ථාවලදී හැරුණු විට QR ඛේතය සහිත කාර්ඩ්පවල රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු නොකර තිබෙද්දී තැරැව් කරුවන් පිරිසක් හසුරුවමින් ඔවුන් හරහා පැමිනෙන පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ජාවාරම කිසිම වෙනසකින් තොරව මේ වනවිටත් ක්‍රියාත්මකවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි පවසයි.
මේ නින්දා සහගත ජාවාරම සම්බන්ධයෙන් පසුගිය නොවැම්බර් 25 වැනිදා රටේ ජාතික තලයේ සියලුම මාධ්‍යය ද මේ අශිෂ්ට අපරාධය පිලිබඳව කතා කර තිබිණි.
එමෙන්ම මේ ජඩ හොරකම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද පැමිණිල්ලක් යොමු වී ඇති බවත් දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශ කීවේය. මේ ජාවාරම සිද්ධ වන්නේ දෙපාර්තමේන්තුවේ ඉහළම තැන්වල දැනුවත් සැලසුම් මත අභ්‍යන්තර නිලධාරීන් කණ්ඩායමක් විසින් බව මිට මාස කීපයකට පෙර හෙළි විය.
රියදුරු බලපත්‍ර QR කේතයක් සහිත කාර්ඩ් පතක මුද්‍රණය කිරීම තාවකාලිකව අත්හිටුවා තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දී අත්‍යාවශ්‍ය තත්ත්වයන් තුළ පමණක් මුද්‍රිත රියදුරු බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර තිබුණේ පවතින සීමිත සම්පත් කළමනාකරණය කරගෙන පවතින ආර්ථික අර්බුදයට මුහුණ දීමේ ක්‍රමයක් ලෙසය. ඒ තත්ත්වය උපයෝගී කර ගනිමින් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර රියදුරු බලපත්‍රයක් කාර්ඩ්පතක මුද්‍රණය කරදීම සඳහා රුපියල් 3000 -5000 මුදලක් එක් පුද්ගලයෙකුගෙන් ලබා ගන්නා මේ ජාවාරම ආරම්භ වී තිබිණි. ඒ සඳහා ගැනුම්කරුවන් සොයා ගැනීමට රියදුරු පුහුණු කිරීමේ ආයතන සහ වෙනත් තරැව්කරුවන් ජාලයක් යොදා ගන්නා බවත් එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
ඒ අනුව අත්‍යාවශ්‍ය මුද්‍රණ ලෙස දිනපතා මුද්‍රණය වන රියදුරු බලපත්‍ර 1000 – 1200කට ආසන්න ප්‍රමාණයකින් 700ක් පමණ මේ ආකාරයෙන් අල්ලසට මුද්‍රණය කරන රියදුරු බලපත්‍ර බව ද එම ආරංචි මාර්ග පවසයි. නියමානුකූලව විදෙස් ගමන් බලපත්‍ර වීසා බලපත්‍ර පරික්ෂා කර මුද්‍රණය කරනු බලන්නේ දිනකට 300ක් පමණක් බවත් දැනගනන්ට තිබේ.
පසුගිය නොවැම්බර් මස 25 දා කළ අනාවරණයෙන් පසු මෙම ජාවාරම වෙනුවෙන්ම දෙපාර්තමේන්තුවේ වගකීම්වලින් නිදහස් කළ කාන්තාවක් අංක 16 කවුළුවේ රාජකාරිවලට යොදවා සිට දැන් වහාම ඇයව අංක 12 කවුළුවට මාරු කර ඇතත් එම කවුළුවේ සිටත් ඇය සිදුකරන්නේ පරණ පුරුදු ජවාරම බවද අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.
ඇය විසින් පෙර පරිදිම තැරැව්කරුවන්, රියදුරු පුහුණු පාසල්වල හිමිකරුවන් දෙපාර්තමේන්තුවේම අභ්‍යන්තර සේවකයින් විසින් රියදුරු බලපත්‍ර මුද්‍රණය කරගැනීම සඳහා මුදල් ලබාගෙන ගෙන එන ගැනුම්කරුවන්ගේ නාම ලේඛණය ලයිස්තුගත කර අදාල මුදල් ගනුදෙනු විධිමත් කිරීම බවත් දැනගන්නට ඇත. ඔවුන් එම මුදල් සතියක් පුරා එකතු කර තැන්පත් කර තබා ගන්නේ දෙපාර්තමේන්තුවේම විශේෂ කාමරයක බවද වාර්තා වේ.
දිනකට මේ ආකාරයෙන් හොරපාරෙන් මුද්‍රණයවන රියදුරු බපලත්‍ර ප්‍රමාණයෙන් ජාවාරම් කරුවන් දිනකට එකතුකරගන්නා සමස්ථ මුදල අවම වශයෙන් රුපියල් ලක්ෂ 20 ක් බවත් එම මුදල ලක්ෂ 35 දක්වා ද දෝලනය වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
Source – lankasara.com