යාපනය වෙරළට අත්භූත නිවෙසක් ජලයේ පාවෙලා එයි

යාපනය - වඩමාරච්චි නැගෙනහිර, නාගර්කෝවිල් ප්‍රදේශයේ අද (15) අලුයම 03ට පමණ අද්භූත නිවසක් ජලයේ පාවෙමින් ගොඩබිමට පැමිණ තිබෙනවා.
එමෙන්ම එම නිවස බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත බවටයි වාර්තා වෙන්නේ. 
ඒ අනුව, මියන්මාරය, තායිවානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව ආදී රටකින් මෙය පැමිණ ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
එම නිවස බැලීමට බොහෝ පිරිසක් වෙරළට පැමිණ තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *