“ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ මුණුපුරා වන නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට එරෙහිව විරෝධය පළ කරනවා” – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ මුණුපුරා වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබීමට එරෙහිව තමන් විරෝධය පළ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව සිය පක්ෂයේ පැහැදිලි විරෝධය පළ කරන බවයි.