පසුගිය කාලයේ පැවැති අඳුරු පාලන සමයන්හිදී (කලු රාජ්‍යයෙන්) රැකවරණය සහ නොයෙකුත් වරප්‍රසාද ලබාගත් පිරිස් වත්මන් පාලනය හමුවේ කලබලයට පත්ව සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“අපේ ආණ්ඩුව, වසර දෙකයි – රටට සුබයි” තේමාව යටතේ බුලත්සිංහල ප්‍රදේශයේ පැවැති ජනරැලියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, එම පිරිස් එකතුවී වත්මන් රජය එළවා දැමීමට උත්සාහ කළද, කවුරු කලබල වුවද තම රජය කිසිසේත්ම කලබල නොවන බවයි. පවතින පද්ධතිය සහ දූෂිත ව්‍යූහයන් වෙනස් වීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස විවිධ පාර්ශ්වයන් කලබලයට පත්ව ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.