කොළඹ වරාය සංව­ර්ධ­න­යට අ‍ෙම­රි­කා­වෙන් ඩොලර් මිලි­යන 15ක මූල්‍ය සහායක් ලැබෙයි

කොළඹ වරායේ ඩිජි­ටල් යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය කිරීම සඳහා අ‍ෙම­රි­කානු රජ­යෙන් ඩොලර් මිලි­යන 15ක මූල්‍ය සහ­යක් ලබා දෙන බව අ‍ෙම­රිකා එක්සත් ජන­පද ෆෙඩ­රල් නාවික කොමි­සමේ (FMC) සභා­පති ලෝරා ඩිබෙල්ලා (Mrs. Laura Dibella) මහ­ත්මිය ප්‍රකාශ කළාය.

මෙම මූල්‍ය සහය ලබා දීම සඳහා අ‍ෙම­රි­කානු රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුවේ අනු­මැ­තිය හිමිව ඇති අතර, ඉදිරි සති කිහි­පය තුළදී කොංග්‍රස් අනු­මැ­තිය හිමිවූ විගස ඒ පිළි­බඳ නිල ප්‍රකා­ශය කිරී­මට නිය­මි­තව තිබේ.

ලෝරා ඩිබෙල්ලා මහ­ත්මිය ඇතුළු නියෝ­ජිත පිරිස සහ බල­ශක්ති, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා අතර අමා­ත්‍යාංශ පරි­ශ්‍ර­යේදී පැවැති විශේෂ සාක­ච්ඡා­ව­කදී මෙම තොර­තුරු අනා­ව­ර­ණය විය.

කොළඹ වරාය ශ්‍රී ලංකා­වට පම­ණක් නොව, අ‍ෙම­රිකා එක්සත් ජන­ප­ද­යට සම්බන්ධ භාණ්ඩ ප්‍රවා­හ­නය සඳහා ද ඉතා වැද­ගත් කේන්ද්‍ර­ස්ථා­න­යක් වන බැවින්, වරායේ සංව­ර්ධ­නය සඳහා අවශ්‍ය උප­රිම සහය ලබා දීමට සූදා­නම් බව අ‍ෙම­රි­කානු නියෝ­ජිත පිරිස වැඩි­දු­ර­ටත් සඳ­හන් කළහ.

1961 වස­රේදී ආරම්භ කරන ලද ෆෙඩ­රල් නාවික කොමි­සම, අ‍ෙම­රිකා එක්සත් ජන­ප­දයේ ජාත්‍ය­න්තර සාගර ප්‍රවා­හන පද්ධ­තිය නියා­ම­නය කිරීම සඳහා වග­වන ස්වාධීන ආය­ත­න­යකි.
කොළඹ වරායේ මෙහෙ­යුම් කාර්ය­ක්ෂ­ම­තාව ඉහළ නැංවීම, ඩිජි­ට­ල්ක­ර­ණය වේග­වත් කිරීම සහ ඉදිරි වරාය සංව­ර්ධන කට­යුතු සඳහා ජාත්‍ය­න්තර සහ­යෝ­ගය ලබා ගැනී­මට රජය කට­යුතු කර­මින් සිටින බව බල­ශක්ති, වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති අනුර කරු­ණා­ති­ලක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සමු­ද්‍රීය ක්ෂේත්‍රය තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීම සඳහා Merchant Shipping Secretariat ආය­ත­නය වඩාත් බල­වත් අධි­කා­රි­යක් බවට පත්කි­රීමේ ක්‍රියා­ව­ලි­යක් අරඹා ඇති බව ද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

එහි ප්‍රධාන අර­මුණ වන්නේ සමු­ද්‍රීය ක්ෂේත්‍ර­යට අදාළ තොර­තුරු, නියා­මන කට­යුතු සහ ආය­ත­නික කාර්ය­ක්ෂ­ම­තාව තව­දු­ර­ටත් වැඩි­දි­යුණු කිරී­මයි.
අ‌ෙම­රි­කා­වෙන් ලැබී­මට නිය­මිත ඩොලර් මිලි­යන 15ක මූල්‍ය සහ­යෙන් වරාය මෙහෙ­යුම් වේග­වත් කිරීම සහ නෞකා රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කෙරේ. මේ අතර, දෙවන බට­හිර පර්ය­න්තයේ (WCT-2) සංව­ර්ධන කට­යුතු සඳහා දිය­ක­ඩන පද්ධ­තිය පුළුල් කිරීම අත්‍ය­වශ්‍ය බැවින්, ඒ සඳහා මූල්‍ය ආය­ත­න­වල සහය ලබා ගැනී­මට රජය කට­යුතු කර­මින් සිටින බව ද අමා­ත්‍ය­ව­රයා මෙහිදී පවසා සිටි­යේය.

ලෝරා ඩිබෙල්ලා මහ­ත්මිය 08 වැනි කොළඹ ජාත්‍ය­න්තර නාවික හා ලොජි­ස්ටික් සමු­ළුව ඇම­තී­මට නිය­මිත අතර, කොම­සා­රිස් රොබට් හාවි මහතා එහි සාකච්ඡා මණ්ඩල සාමා­ජි­ක­යකු ලෙස සහ­භාගි වීමට නිය­මි­තය.
මෙම සාක­ච්ඡාව සඳහා ෆෙඩ­රල් නාවික කොමි­සමේ කොම­සා­රිස් රොබට් හාවි (Mr.Robert Harvey) මහතා සහ අමා­ත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ද සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *