යහපාලන සමයේ මෛත්‍රී ගුණ­ර­ත්න අත්සන් කළ ගල් අඟුරු ගිවිසුමෙන් ඩොලර් ලක්ෂ 15ක පාඩුවක් වෙලා – ජනා­ධි­පති කොමි­ස­මේදී හෙළි­වෙයි

ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා ලංකා ගල්අ­ඟුරු සමා­ගමේ සභා­ප­ති­ව­ර­යාව සිටි 2015-2016 කාලයේ නොරො­ච්චෝලේ ලක්වි­ජය බලා­ගා­ර­යට ගල්අ­ඟුරු මිල දී ගැනී­මේදී මෙර­ටට අමෙ­රි­කානු ඩොලර් 1,575,630ක පමණ පාඩු­වක් සිදුව ඇතැයි ගල්අ­ඟුරු ගනු­දෙනු සහ එයින් විදු­ලිය උත්පා­ද­න­යේදී වංචා, දූෂණ සිදුවී ඇති­දැයි විම­ර්ශ­නය කෙරෙන විශේෂ ජනා­ධි­පති කොමි­ස­මේදී පෙරේදා (8) හෙළි­ද­රවු විය.

ගල්අ­ඟුරු ආන­ය­නය සම්බ­න්ධ­යෙන් ලංකා ගල්අ­ඟුරු සමා­ගම සහ ලිබර්ටි කොමො­ඩා­ටීස් සමා­ගම අතර මුලින් ඇති කර­ගත් ගිවි­සුමේ කොන්දේසි පසුව වෙනස් කිරීම හේතු­වෙන් මෙම අලා­භය සිදුව ඇතැයි විදු­ලි­බල හා පුන­ර්ජ­න­නීය බල­ශක්ති අමා­ත්‍යාං­ශයේ හිටපු අති­රේක ලේකම් ඩී. අම­ර­තුංග මහතා කොමි­සම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි­යේය.
ලක්වි­ජය බලා­ගා­ර­යට ගල්අ­ඟුරු සැප­යී­මේදී සම්පූර්ණ කළ යුතු තාක්ෂ­ණික තත්ත්ව­යන් හා ප්‍රමි­තීන් නොති­බු­ණ­හොත් සැප­යු­ම්කාර පාර්ශ්ව­යෙන් අය කළ හැකිව තිබූ දඩ මුදල ගණ­නය කිරීමේ සූත්‍රය ලංසු ලේඛ­නයේ තිබු­ණාට වඩා වෙනස් කිරීම විශාල ගැට­ලු­වක් යැයි මෙහිදී සාක්ෂි­කරු වැඩි­දු­ර­ටත් විස්තර කළේය.

එම­ඟින් සැප­යු­ම්ක­රුට වාසි­දා­යක තත්ත්ව­යක් ඇති වීමෙන් මෙම පාඩුව සිදු වී තිබුණු අතර ඒ අනුව මෙයින් ගල්අ­ඟු­රු­වල ගුණා­ත්මක බවට සහ මිල ගැළ­පී­ම්ව­ලට දැවැන්ත බල­පෑ­මක් වී ඇතැයි හිටපු අති­රේක ලේක­ම්ව­රයා පෙන්වා දුනි.

මේ අනුව ලංසු කෙටු­ම්ප­තෙහි ගල්අ­ඟු­රු­වල අඩංගු සල්ෆර් ප්‍රති­ශ­ත­යට අදා­ළව මිල අඩු කිරීම 0.1%ක් වශ­යෙන් සඳ­හන් කෙරුණ ද එය අව­සන් ගිවි­සු­මේදී 10%ක් වශ­යෙන් වෙනස් කිරී­මෙන් මෙම බර­ප­තළ ගැට­ලුව ඉස්මතු වී තිබිණි. ගල්අ­ඟු­රු­වල අඩංගු අළු සම්බ­න්ධ­යෙන් ද එව­කට වෙන­සක් කර ඇති අතර ඒ අනුව ගල්අ­ඟු­රු­වල ප්‍රමි­තියේ ගැටලු මතු­වු­ව­හොත් සැප­යු­ම්ක­රු­ගෙන් අය කළ හැකි වූ දඩ මුදල අති­ශ­යින් පහළ අග­යක් ගන්නා ලදැයි සාක්ෂි­කරු පැව­සීය.

ගල්අ­ඟුරු ආන­ය­න­යේදී රජ­යට පාඩු නොව­න්නට තිබූ විශාල ආර­ක්ෂා­වක්, රැක­ව­ර­ණ­යක් මෙයින් වැළකී තිබුණු බවට සාක්ෂි­කාර හිටපු අති­රේක ලේක­ම්ව­රයා කොමි­සම හමුවේ අව­ධා­ර­ණය කළේය. එය එසේ නොවී­මෙන් ක්ෂණික ගල්අ­ඟුරු මිලදී ගැනීම් වාර 3කදී ඉකුත් 2015-2016 කාල­යේදී සැප­යු­ම්කාර ලිබර්ටි කොමො­ඩා­ටීස් සමා­ග­මට වැඩි­පුර අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1.57කට වැඩි මුද­ලක් ගෙවා තිබුණු බවද කීය.

මේ පිළිබඳ විශේෂ ලිපියක් හෙට පත්‍රයේ පළවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *