කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අෙමරිකානු රජයෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහයක් ලබා දෙන බව අෙමරිකා එක්සත් ජනපද ෆෙඩරල් නාවික කොමිසමේ (FMC) සභාපති ලෝරා ඩිබෙල්ලා (Mrs. Laura Dibella) මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම මූල්‍ය සහය ලබා දීම සඳහා අෙමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇති අතර, ඉදිරි සති කිහිපය තුළදී කොංග්රස් අනුමැතිය හිමිවූ විගස ඒ පිළිබඳ නිල ප්‍රකාශය කිරීමට නියමිතව තිබේ.
ලෝරා ඩිබෙල්ලා මහත්මිය ඇතුළු නියෝජිත පිරිස සහ බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති අනුර කරුණාතිලක මහතා අතර අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය විය.
කොළඹ වරාය ශ්‍රී ලංකාවට පමණක් නොව, අෙමරිකා එක්සත් ජනපදයට සම්බන්ධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වන බැවින්, වරායේ සංවර්ධනය සඳහා අවශ්‍ය උපරිම සහය ලබා දීමට සූදානම් බව අෙමරිකානු නියෝජිත පිරිස වැඩිදුරටත් සඳහන් කළහ.
1961 වසරේදී ආරම්භ කරන ලද ෆෙඩරල් නාවික කොමිසම, අෙමරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සාගර ප්‍රවාහන පද්ධතිය නියාමනය කිරීම සඳහා වගවන ස්වාධීන ආයතනයකි.
කොළඹ වරායේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ ඉදිරි වරාය සංවර්ධන කටයුතු සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව බලශක්ති, වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති අනුර කරුණාතිලක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා Merchant Shipping Secretariat ආයතනය වඩාත් බලවත් අධිකාරියක් බවට පත්කිරීමේ ක්‍රියාවලියක් අරඹා ඇති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
එහි ප්‍රධාන අරමුණ වන්නේ සමුද්‍රීය ක්ෂේත්රයට අදාළ තොරතුරු, නියාමන කටයුතු සහ ආයතනික කාර්යක්ෂමතාව තවදුරටත් වැඩිදියුණු කිරීමයි.
අෙමරිකාවෙන් ලැබීමට නියමිත ඩොලර් මිලියන 15ක මූල්‍ය සහයෙන් වරාය මෙහෙයුම් වේගවත් කිරීම සහ නෞකා රැඳී සිටින කාලය අවම කිරීම අපේක්ෂා කෙරේ. මේ අතර, දෙවන බටහිර පර්යන්තයේ (WCT-2) සංවර්ධන කටයුතු සඳහා දියකඩන පද්ධතිය පුළුල් කිරීම අත්‍යවශ්‍ය බැවින්, ඒ සඳහා මූල්‍ය ආයතනවල සහය ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
ලෝරා ඩිබෙල්ලා මහත්මිය 08 වැනි කොළඹ ජාත්‍යන්තර නාවික හා ලොජිස්ටික් සමුළුව ඇමතීමට නියමිත අතර, කොමසාරිස් රොබට් හාවි මහතා එහි සාකච්ඡා මණ්ඩල සාමාජිකයකු ලෙස සහභාගි වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සඳහා ෆෙඩරල් නාවික කොමිසමේ කොමසාරිස් රොබට් හාවි (Mr.Robert Harvey) මහතා සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා ද සහභාගි වූහ.