ඉපදෙන හැමෝම මැරෙනවා, මහින්ද මැතිතුමාගේ ඇස් දෙකට පෙන්න නාමල්ව ජනාධිපති කරන්න – රෝහිත අබේගුණවර්ධන කියයි

අනුරාධපුරයේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජනරැළියේදී අදහස් දක්වමින්, හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට තව දුරටත් සහයෝගය ලබාදෙන ලෙස පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“ඉපදෙන හැමෝම මැරෙනවා. මහින්ද මැතිතුමාගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න එකතුවෙන්න. ඒක තමයි මහින්දට කරන ලොකුම ගෞරවය!” යැයි ඔහු රැළියේදී අවධාරණය කර සිටියේය.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවක් මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින අවස්ථාවක, ඔහුට එරෙහි චෝදනා දේශපාලනිකව පෙළඹවූ පළිගැනීමක් බව චෝදනා කරමින් පොදුජන පෙරමුණේ නායකයින් අද රැළියේදී දැඩි විරෝධයක් පළ කළහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙනයාම සම්බන්ධයෙන් අවධාරණය කරමින්, නාමල් රාජපක්ෂ මහතාට තවදුරටත් සහයෝගය ලබාදෙන ලෙස රැළියට එක්ව සිටි දහස් ගණන් පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් අබේගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *