හගුරන්කෙත පොත්ගුල් විහාරයේ කොත් පැළඳීමට ආ ආරාධනා පත්‍රය පෙන්නා නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ අල්ලස් චෝදනාවක් මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම අද අධිකරණය හමුවේ විභාගයට ගැනුණු අතර, එහිදී විශේෂ කරුණක් ලෙස ඉදිරිපත් වූයේ හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ කොතක් පැළඳීම සඳහා නායක හිමිනමක් විසින් නාමල් රාජපක්ෂ මහතාට කළ ආරාධනාවකි.

මෙම ආරාධනාව නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීමට පක්ෂව සුවිශේෂී කරුණක් ලෙස ඉදිරිපත් වූ අතර, රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඊට ප්‍රතිචාර දක්වමින් අධම්ම සූත්‍රය උපුටා දක්වා තිබේ. එහිදී අධාර්මික රජුන් හා භික්ෂූන් සම්බන්ධයෙන් එම සූත්‍රයේ සඳහන් කරුණු ද පෙන්වා දෙමින්, එවැනි ආරාධනාවක් සිදුවීම කිසිසේත් සුවිශේෂී කරුණක් නොවන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *