රජයේ මුදල් එපා කියමින් අනෝජන් වෙනුවෙන් ෆයිසර් සහ උපුල් කුමාරප්පෙරුම තම ධනයෙන් සෞදි අරා­බි­යට

සමාජ මාධ්‍ය සට­හ­නක් මුල් කර­ග­නි­මින් සෞදි අරා­බි­යේදී මරණ දඬු­ව­මට නියම වී සිටින අනෝ­ජන් සිව­රා­සාගේ ජීවි­තය බේරා­ගැ­නීමේ මෙහෙ­යුම ජනා­ධි­පති නීතිඥ ෆයි­සර් මුස්තාපා සහ ජනා­ධි­පති නීතීඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහ­ත්ව­රුන් විසින් ඊයේ (23) නිල වශ­යෙන් ආරම්භ කර තිබෙනවා.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ සහ විදේශ ඇමැ­ති­ව­ර­යාගේ සෘජු මැදි­හ­ත්වීම මත සිදු­වන මෙම තීර­ණා­ත්මක රාජ්‍ය තාන්ත්‍රික ගමන සඳහා ඔවුන් දෙදෙ­නාම රජයේ මුදල් වෙනු­වට තම පෞද්ග­ලික ධනය වැය කිරීමත් විශේ­ෂ­ත්ව­යක්.

අනෝ­ජන්ගේ ජීවි­තය ඉල්ලා විශේෂ රාජ්‍යතාන්ත්‍රික දූත­යන් ලෙස මොවුන් දෙදෙනා කඩි­න­මින් සෞදි අරා­බි­යට යැවී­මට රජය පෙරේදා (22) තීර­ණය කළ අතර, ඒ බව විදේශ කට­යුතු ඇමැති විජිත හේරත් ඊයේ (23) පාර්ලි­මේ­න්තු­වේදී නිල වශ­යෙන් ප්‍රකාශ කළා.

මෙම මෙහෙ­යුමේ මූලික පිය­වර ලෙස ෆයි­සර් මුස්තාපා සහ උපුල් කුම­ර­ප්පෙ­රුම යන නීතී­ඥ­යන් දෙපළ ඊයේ දහ­වල් මාල­දි­ව­යි­නේදී, ශ්‍රී ලංකාවේ දිගු­කා­ලීන මිතු­රකු මෙන්ම මාල­දි­ව­යිනේ හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යකු වන මොහො­මඩ් නෂීඩ් හමුවී අදාළ ඉල්ලීම පිළි­බ­ඳව සාකච්ඡා කර තිබුණා.

මොහො­මඩ් නෂීඩ් යනු මාල­දි­ව­යිනේ ප්‍රථම ප්‍රජා­ත­න්ත්‍ර­වා­දීව තේරී පත් වූ ජනා­ධි­ප­ති­ව­ර­යායි.

එමෙන්ම ඔහු ප්‍රකට දේශ­පා­ල­ඥ­යකු සහ ක්‍රියා­කා­රි­ක­යකු ලෙසද ජාත්‍ය­න්ත­රයේ ගෞර­ව­යට පාත්‍ර වූ නාය­ක­යෙක්.

මෙම තීර­ණා­ත්මක සාක­ච්ඡා­වේදී අද­හස් දක්වා ඇති මොහො­මඩ් නෂීඩ් හිටපු ජනා­ධි­ප­ති­ව­රයා පවසා ඇත්තේ, අනෝ­ජන්ගේ ප්‍රකා­ශය මුස්ලිම් සමා­ජ­යට බර­ප­තළ ප්‍රකා­ශ­යක් වුවද, අස­රණ තරු­ණ­ය­කුගේ ජීවි­තය වෙනු­වෙන් තමන් ඔහු පිළි­බ­ඳව මානු­ෂී­යව පෙනී සිටින බවයි.

එමෙන්ම ඔහුගේ ජීවි­තය ගල­වා­ගැ­නීම සඳහා තමා­ගෙන් දිය හැකි පූර්ණ සහාය ලබා­දෙන බව­ටද හිටපු ජනා­ධි­ප­ති­ව­රයා මෙහිදී සහ­තික වී තිබෙනවා.

මාල­දි­ව­යි­නේදී අද (24) පැවති මෙම හමුව ඉතා සාර්ථක වූ බවත්, ඉදිරි දින­ව­ලදී සෞදි අරා­බිය බලා පිටත්ව යාමට තමන් සූදා­න­මින් සිටින බවත් ජනා­ධි­පති නීතීඥ උපුල් කුම­ර­ප්පෙ­රුම තහ­වුරු කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *