2026 නොවැම්බර් මස 01 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන මුල්‍ය හා නීතිමය කටයුතු රැසක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංක (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම, නව බැංකු ගිණුම් ආරම්භ කිරීම සහ ණය පත් (Credit Cards) සඳහා ඉල්ලුම් කිරීම,වාහන ලියාපදිංචි කිරීම සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සහ සමාගම් කොටස් පැවරීමයන සේවාවන් ලබා ගැනීමේදී TIN සහතිකය ලබා දීම අනිවාර්ය වෙනවා
මෙම නව පියවර ඔස්සේ මෙරට බදු පදනම පුළුල් කිරීමටත්, මුල්‍ය ගනුදෙනු විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යාමටත් අපේක්ෂා කෙරෙනවා.