ඩෙවොන් නැවේ ගිය ධීවරයින් බිව්ව ඇසිඩ් සහිත විදුරු බෝතලය මෙන්න

ඩෙවෝන් -5 නැවියන් බොන්න ඇත්තේ මොනවද?
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම මිය ගිය නැවියන් විසින් පරිභෝජනය කරන ලද යැයි අනුමාන කරන බෝතලය සමග ගන්නා ලද ඔවුන්ගේ අවසන් ඡායාරූපයයි.
මේ බෝතලයේ ඇති විශේෂත්වය කුමක්ද?
ඔබට බැලූ බැල්මට පෙනෙනවා මෙම බෝතලයේ වර්ණය. එය බෝතලය හරහා ආලෝකය යාම අවම කරන අඳුරු- දුඹුරු පැහැ වේ. බොහෝදුරට මෙවැනි බෝතල් පාසල් විද්‍යාගාර තුළ පවා දක්නට ලැබේ. මෙවැනි අඳුරු බෝතලවල සාමාන්‍යයෙන් හිරු එළිය හමුවේ වියෝජනය වන නයිට්‍රික් වැනි අම්ල, අයඩින් ද්‍රාවණ ආදියට අමතරව වෙනත් සාන්ද්‍ර ඇල්කොහොල වර්ග හා සාන්ද්‍ර රසායනික ද්‍රව්‍ය ගබඩා කරනු ලැබේ.
එබැවින් මෙවැනි බෝතල්වල අඩංගු ද්‍රව්‍යයන් බිම කෙසේ වෙතත් ඇල්ලීම පවා සිදු කිරීම අනතුරුදායක වේ. එසේම මෙම රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමිතීන්ට අනුකූලව බැහැර කිරීමද මෙවැනි ඛේදවාචක අවම කරගැනීමට පිටිවහලක් වේ

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *