හිටපු ඇමති රංජිත් සියඹලාපිටියගේ කෝටි 06ක වංචාවක් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා පටි­පා­ටි­යෙන් බැහැ­රව නීත්‍ය­නු­කූල නොවන ව්‍යාපෘති කිරීම තුළින් හිටපු ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් රාජ්‍ය මුදල් රුපි­යල් 62,340,233ක් වංචා කිරීම පිළි­බඳ සාප­රාධී ලෙස පරි­හ­ර­ණය කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව වෙත පැමි­ණි­ල්ලක් ලැබී තිබේ.

නාස්තිය, දූෂ­ණ­යට එරෙහි පුර­වැසි බලය සංවි­ධා­නය විසින් කොමි­සම වෙත මෙම පැමි­ණිල්ල යොමු කර තිබේ.

2013 අම්පාර හාඩි විද්‍යා­ලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රද­ර්ශ­නයේ මුද­ල්ව­ලින් අර­න්ත­ලාව භික්ෂු ස්මාර­කය ඉදි කිරීම සඳහා රුපි­යල් 12,500,000ක් ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් වංච­නි­කව ලබා ගෙන ඇතැයි එම පැමි­ණිල්ලේ සඳ­හන් කර ඇත.

එසේම අම්පාර හාඩ් විද්‍යා­ලයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රද­ර්ශ­න­යේදී ප්‍රද­ර්ශන භූමි­යෙන් පිටත ඝන අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය සඳහා ඇමැති සිය­ඹ­ලා­පි­ටිය විසින් රු.14,000,000ක් රජයේ මුදල් අනී­ති­කව වංචා කර ලබා­ගෙන ඇති බවත් 2012 අනු­රා­ධ­පුර දැයට කිරුළ ප්‍රද­ර්ශන භූමියේ සමරු ඵල­කය ඉදි­කි­රීම තුළින් රජයේ මුදල් රුපි­යල් 8,226,400ක් ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් වංච­නි­කව ලබා­ගෙන සාප­රාධී පරි­හ­ර­ණය කර ඇති බවත් එහි දක්වා ඇත.

2012 අනු­රා­ධ­පුර දැයට කිරුළ ප්‍රද­ර්ශ­නයේ තිබූ බීච් වොල්බෝල් තරග සඳහා වැලි සැප­යීම යටතේ ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටිය විසින් රු.2,217,600ක මුද­ලක් අයුතු ලෙස වංචා කර ඇති බව ද දක්වා ඇත. 2012 අනු­රා­ධ­පුර දැයට කිරුළ ප්‍රද­ර්ශ­න­යේදී මාධ්‍ය කලා­පයේ කුටි වායු සමී­ක­ර­ණය කිරීම ආව­ර­ණය කිරීම තුළින් ඇමැති රංජිත් සිය­ඹ­ලා­පි­ටි­යගේ සෘජු මැදි­හ­ත්වී­මෙන් රජයේ මුදල් රුපි­යල් 9,078,104ක් වංචා කර ඇති බවද දක්වා ඇත. 2012 අනු­රා­ධ­පුර දැයට කිරුළ ප්‍රද­ර්ශ­නයේ රැස්වීම ශාලාව හා මඩු­වක් ඉදි­කි­රීම හා වායු­ස­මී­ක­ර­ණය කිරීම නිසා රජ­යට අත් වූ පාඩුව රුපි­යල් 7,708,858කි. 2012 අනු­රා­ධ­පුර දැයට කිරුළ ප්‍රද­ර්ශ­නයේ පෝලින් සකස් කිරී­මට බට සැප­යීම වෙනු­වෙන් රජයේ මුදල් 8,602,271ක් වැය කර ඇතැ­යිද එම සංවි­ධා­නය යොමු කර ඇති පැමි­ණිල්ලේ සඳ­හන් කර තිබේ.

ඉහත සඳ­හන් රාජ්‍ය මුදල් වංච­නික ලෙස අත්පත් කර­ගෙන දූෂ­ණය නම් වරද සිදු කර ඇති බව පෙනී යන බව කියවේ. රාජ්‍ය නිල­ධා­රීන්, දේශ­පා­ලන අධි­කා­රිය හා අනෙ­කුත් පිරි­සට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කර එම රාජ්‍ය මුදල් නැවත අය කර ගන්නා ලෙස එම සංවි­ධා­නය අල්ලස් කොමි­ස­මෙන් ඉල්ලා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *