මෙරට බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය ඩොලර් උප­යන ප්‍රධාන මාර්ගක් කිරී­මට රජයේ අවධානය යොමු වෙයි

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තය නව විදේශ විනි­මය උප­යන ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර­යක් බවට පත් කිරී­මට රජය අව­ධා­නය යොමු කර ඇති බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය.

බේරු­ව­ලදී ඉදිවූ මෙරට පළමු බෝට්ටු ක්‍රියා­ත්මක කිරීමේ අංග­ණය විවෘත කිරීමේ උත්ස­ව­යට පසු­ගි­යදා (11) එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව සිහි­පත් කළේය.

ශ්‍රී ලංකාවේ අනා­ගත ආර්ථික සංව­ර්ධන ක්‍රියා­ව­ලියේ ප්‍රමු­ඛ­තම අප­න­යන ක්ෂේත්‍ර­යක් ලෙස හඳු­නා­ගෙන ඇති බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්තයේ ප්‍රව­ර්ධ­නය උදෙසා ඉදි­කළ මෙරට පළමු බෝට්ටු ක්‍රියා­ත්මක කිරීමේ අංග­ණය (Boat Launching Ramp) මෙයයි.

රුපි­යල් මිලි­යන 76ක පිරි­වැ­ය­කින් බේරු­වල ධීවර වරාය අසල මේ අංග­ණය ඉදි කර තිබේ.

මෙරට නිෂ්පා­ද­නය කරන බෝට්ටු ක්‍රියා­ත්මක කිරීම සඳහා පව­තින අව­ශ්‍ය­තාව සලකා බල­මින් කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මේ ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කර ඇත . බෝට්ටු හා බෝට්ටු ආශ්‍රිත නිෂ්පා­දන කර්මා­න්තය ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සංව­ර්ධ­නයේ අත්‍ය­වශ්‍ය අංග­යක් ලෙස හඳු­නා­ගෙන ඇති බැවින් මේ නව පහ­සු­කම මඟින් එම කර්මා­න්ත­යට විශාල දාය­ක­ත්ව­යක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙතෙක් බෝට්ටු නිෂ්පා­ද­ක­යන්ට තම නිෂ්පා­දන මුහු­දට ක්‍රියා­ත්මක කිරීම සඳහා ධීවර වරා­යන් මත යැපී­මට සිදුවූ නමුත්, නව ක්‍රියා­ත්මක කිරීමේ මධ්‍ය­ස්ථා­නය හරහා ගැට­ලු­වට ස්ථිර විස­ඳු­මක් ලැබෙන බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය. එමෙන්ම මේ පහ­සු­කම බෝට්ටු නිෂ්පා­ද­ක­යන්ට පම­ණක් නොව සංචා­රක කර්මා­න්ත­යට සහ පෞද්ග­ලික බෝට්ටු හිමි­යන්ට ද ප්‍රයෝ­ජ­න­වත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

බෝට්ටු මහා­මාර්ග ඔස්සේ ප්‍රවා­හ­නය කිරී­මේදී විශාල විය­දම් සහ ප්‍රායෝ­ගික ගැටලු රැසක් මතු­වන බව පෙන්වා දුන් ඇමැ­ති­ව­රයා, එම නිසා ක්‍රියා­ත්මක කිරීමේ මධ්‍ය­ස්ථාන ආශ්‍රි­තව බෝට්ටු නිෂ්පා­දන කර්මා­න්ත­ශාලා ස්ථාපිත කිරී­මට පිය­වර ගත යුතු බව අව­ධා­ර­ණය කළේය.

ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පා­දන තාක්ෂ­ණය මේ වන විට ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පො­ළෙහි තර­ග­කාරී මට්ට­ම­කට පැමිණ ඇති බව පැවසූ ඇමැ­ති­ව­රයා, මෙරට නිෂ්පා­දිත බෝට්ටු මොරි­ෂස් ඇතුළු රට­වල් වෙත අප­න­ය­නය කෙරෙන අතර තවත් විදේ­ශීය ඉල්ලුම් ද ඉහළ යමින් පව­තින බව සඳ­හන් කළේය.

මේ ව්‍යාපෘ­ති­යට රුපි­යල් මිලි­යන 76ක ආයෝ­ජ­න­යක් කර තිබු­ණද එය විය­ද­මක් නොව රටට විදේශ විනි­මය උපයා දෙන ආයෝ­ජ­න­යක් ලෙස සැල­කිය යුතු බව ද ඔහු පැව­සීය. 2030 වන විට අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 36ක අප­න­යන ආර්ථි­ක­යක් කරා ළඟා­වීමේ ජාතික ඉල­ක්කය සපුරා ගැනී­මට මෙවැනි ව්‍යාපෘති අත්‍ය­වශ්‍ය බව ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

ධීවර හා කර්මාන්ත අමා­ත්‍යාංශ එක්ව ක්‍රියා­ත්මක කළ මේ ව්‍යාපෘ­තිය, ශ්‍රී ලංකාවේ නාවික නිෂ්පා­දන කර්මා­න්තයේ නව පරි­ච්ඡේ­ද­යක් ආරම්භ කරන අතර, ඉදි­රි­යේදී බෝට්ටු නිෂ්පා­ද­න­යෙන් ඔබ්බට ගොස් ‘Made in Sri Lanka’ නාම­යෙන් කුඩා හා මධ්‍ය පරි­මාණ නැව් නිෂ්පා­ද­නය දක්වා රට ගෙන යා හැකි බවත් ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේකම් තිලකා ජය­සු­න්දර මහ­ත්මිය ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *