මට රාජ්‍ය සේවකයෙක් කිව්වා ඔහුගේ වැටුප 78000 යි,විදුලි බිල 28500යිලු,කොහොමද ජීවත් වෙන්නේ – දිලිත් ජයවීර

රාජ්‍ය සේවකයෙකුගේ මාසික වැටුප රු. 78,000 ක් වුවත් විදුලි බිල පමණක් රු. 28,500 ක් වන බවට තමන්ට පැමිණිල්ලක් ලැබුණු බව සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු කියා සිටියේ, “මට රාජ්‍ය සේවකයෙක් කිව්වා ඔහුගේ වැටුප 78000 යිලු. විදුලි බිල 28500යිලු, ඉතින් කොහොමද ජීවත් වෙන්නේ” යනුවෙනි.

ඩොලරය දිනෙන් දින ඉහළ යන පසුබිමක ජනතාවගේ ජීවන බර දරාගත නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, ඒ සඳහා ආණ්ඩුව කිසිදු පියවරක් නොගන්නා බවටත් ඔහු චෝදනා කළේය.

වත්මන් ආර්ථික තත්ත්වය උදාහරණයකින් පැහැදිලි කළ ජයවීර මහතා, “ඩොලරය දවසින් දවස ඉහළ යනවා, ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ. අපි නටන වතුරේ ඉන්න කකුළුවා වගේ දැන් ඉන්නේ” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *