“ආණ්ඩුවෙන් මට කතා කළේ මුදල් ඇමතිකම දෙන්න නෙවෙයි. අපිට ගහන්න එපා, එකට වැඩ කරමු කියලයි කිව්වේ” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත් අබේසිංහ මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවයකින් තමන්ට දුරකථන ඇමතුමක් ලැබුණු බවත්, එහිදී අමාත්‍ය ධුරයක් ලබාදෙන බවට කිසිදු යෝජනාවක් නොකළ බවත්ය.
“මේ වගේ ලොන්ත ආණ්ඩුවකට යන්න අපිට මොළේ අමාරුවක් නැහැ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයක් නොමැති පසුබිමක SJB මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එකතු කර ගැනීමට දැඩි උත්සාහයක් පවතින බවට පළවන වාර්තා මධ්‍යයේ චරිත් අබේසිංහ මහතා මෙම අදහස් පළ කර තිබේ.