කොළඹ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ පුද්ගලයෙක් ත්‍රස්ථ මර්ධන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනියි

කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීමට සැලසුම් කළ බව කියන සැකකරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාශය පවසනවා.

සංවිධානාත්ම අපරාධ කල්ලි සාමාජික කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීම මත මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන පරිදි කොළඹ ප්‍රදේශයේ බෝම්බ පිපිරවීම සඳහා සැකකරු සැලසුම් කර තිබූ බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *