2009 ඉඳන් ගල් අඟුරු ගැන හොයනවා නම්, 71 කැරැල්ලේ ඉඳලා මේ රටට වෙච්ච හානිය ගැනත් හොයන්න ඕන – චන්න ජයසුමන

“2009 ඉඳන් ගෙනාපු ගල් අඟුරු ගැන හොයනවනම්, 71 කැරැල්ලේ ඉඳලා මේ රටට වෙච්ච හානිය ගැනත් හොයන්න ඕන” යනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.

ඊයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, දූෂණ වංචා පිළිබඳ විමර්ශන සිදුකරනවා නම් ඒවා තෝරාගත් කාල සීමාවන්ට පමණක් සීමා නොකළ යුතු බවයි.

“මාස 6කින් එන රිපෝර්ට් එක වැඩක් නෑ, දැන් දීපු විගණකාධිපති වාර්තාව මත අවශ්‍ය පියවර ගන්න” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළ මහාචාර්යවරයා, නව වාර්තා එනතෙක් බලා නොසිට දැනටමත් ඉදිරිපත් වී ඇති විගණකාධිපති වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *