ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ දී ජීවිත 15ක් බිලිගත් බස් රථ අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත පස් බැම්මක් ඊයේ (10) වන විට ඉදිකර තිබේ.
මෙම ස්ථානයේ මෙයට පෙරත් අනතුරු කිහිපයක් සිදුවී ජීවිත රැසක් අහිමි වී ඇති බැවින් තවදුරටත් අනතුරු සිදුවීම වළක්වා ගැනීමට ආරක්ෂිත පස් බැම්මක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු යොදා ඇත.
මෙම මාරක රිය අනතුරින් පසුව ඌව පළාතේ රාජ්‍ය ආයතන 28ක ප්රධානත්වයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත පැවති මාර්ග ආරක්ෂාව පිළිබඳ කමිටු රැස්වීමේදී ගත් තීරණයක් මෙසේ ක්රියාවට නංවා තිබේ.