ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම ජනරැලි මාලාවට සමගාමීව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
“අපි ජාතික ජනබලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.
මේ සැප්තැම්බර් 5වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්න”
රජයේ ඉදිරි දේශපාලන ක්‍රියාවලිය සහ සංවිධාන කටයුතු ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. ඒ අනුව ලබන මස මුල් සතියේ සිට දිවයින පුරා මෙම දේශපාලන වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වනු ඇත.