පළාත් නව­ය­ටම ලබන වසරේ සිට එකම පෙර පාසල් අධ්‍යා­පන ක්‍රම­යක් එයි

“ඉදිරි වසර වන විට පළාත් නව­ය­ටම එකම පෙර පාසල් අධ්‍යා­පන ක්‍රම­යක් ක්‍රියා­ත්මක කිරීම සම්බ­න්ධ­යෙන් රජයේ අව­ධා­නය යොමුව ඇතැයි” කාන්තා හා ළමා කට­යුතු ඇමැ­තිනී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහ­ත්මිය පැව­සු­වාය.

බස්නා­හිර පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුව සහ මොස්වර්ල්ඩ් මාටි­නස් පද­නම එක්ව පෙර පාසල් ගුරු­ව­රුන් 500ක් සඳහා ඩිප්ලෝමා සහ­තික ලබා­දී­මට ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත වැඩ­ස­ට­හ­නට අදාළ ගිවි­සු­ම්ගත වීමේ අව­ස්ථා­වට ඊයේ (22) එක්වෙ­මින් ඇය මේ බව සඳ­හන් කළාය.

මේ පෙර පාසල් ගුරු­ව­රුන්ට ඩිප්ලෝමා ලබා­දීම ජාතික අධ්‍යා­පන ආය­ත­නය සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ලය මගින් සිදු කිරී­මට නිය­මිත අතර මෙය වසර 03ක් තුළ පළාතේ ක්‍රියා­ත්මක වීමට නිය­මි­තය. මීට අම­ත­රව ආදර්ශ පෙර පාසල් 02ක් පිහි­ටු­වීම,පෙර පාසල් ගුරු­ව­රුන් 1000කට වසර 03ක් කාල­යක් සඳහා පුහු­ණු­වීම් ලබා­දීම, පෙර පාසල් සඳහා ඉගෙ­නුම් උප­ක­රණ සහ කිය­වීම් පොත් ලබා­දීම, මවු­පිය දැනු­වත් කිරීම් වැඩ­ස­ට­හන් පැවැ­ත්වීම, ජංගම කිය­වීම් මධ්‍ය­ස්ථාන 02ක් පිහි­ටු­වීම මේ වැඩ­ස­ට­හ­නට ඇතු­ළත්ය.

මෙහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­නිය මෙසේද පැව­සු­වාය.

“අපි නව මුල් ළමා විය සංව­ර්ධ­න­යට ප්‍රධා­න­තම අව­ධා­නය යොමු කරන අමා­ත්‍යාං­ශ­යක් විදි­යට එය ප්‍රධාන කරු­ණක් ලෙස සල­ක­නවා. එහි ප්‍රධා­නම දෙයක් තමයි මුල් ළමා­විය අධ්‍යා­ප­නය. අපි විශ්වාස කර­නවා එය අපේ රටේ තිබෙන අනිත් අධ්‍යා­ප­නික කට­යුතු සමඟ සමා­න්ත­රව යා යුතුයි කියලා. මෙය අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යත් සමඟ සම්බන්ධ විය යුතුයි. මේ පෙර පාසල් විෂය කියන එක තාමත් ලංකාවේ පව­තින්නේ අවි­ධි­මත් විදි­ය­කට. එය තවම රාජ්‍ය සේවා­වක් බවට පත්වෙලා නැහැ. බඳවා ගැනීමේ පටි­පා­ටි­යක් සහ ඔවුන් නිරී­ක්ෂ­ණ­යට අමා­ත්‍යාං­ශ­යක් නැහැ. එය සංවෘත වූ විෂ­යක් විදි­ය­ටයි පව­තින්නේ. පෙර පාසල් ගුරු­ව­රුන්ට පත්වීම් ලබා දෙන්න කිසිම කෙනෙක් නැහැ. මේවා බොහො­ම­යක් පෞද්ග­ලික ආය­තන විදි­ය­ටයි යන්නේ. එහෙම වුණාම මේ පෙර පාස­ල්වල සංව­ර්ධ­න­යට රාජ්‍ය මුදල් විය­දම් කිරී­මේදී විශාල ගැට­ලු­වක් ඇති වෙනවා. පෙර පාසල් ගුරු­ව­රුන්ගේ වෘත්තීය නිපු­ණ­ත්වය ඇග­යී­මට අඛණ්ඩ ක්‍රියා­ව­ලි­යක් නැහැ.

ගිය වස­රේදී අපි පෙර පාසල් සඳහා විෂය මාලා රාමු­වක් හඳුන්වා දුන්නා. ඔවුන් පුහුණු කිරීමේ කට­යුතු සිදු කළා. පෙර පාසල් පව­ත්වා­ගෙන යෑමේදී භෞතික වට­පි­ටාව අධ්‍යා­ප­නයේ ගුණා­ත්ම­ක­භා­වය ලබා­දිය හැකි මට්ටමේ තිබිය යුතුයි. අනිත් කාර­ණය ගුරු­ව­රයා නව අධ්‍යා­ප­නය පිළි­බ­ඳව යාව­ත්කා­ලීන විය යුතුයි. අවු­රුදු පහක් යන විට ලෝකයේ ඕනෑම දැනුම් පද්ධ­ති­යක් කල් ඉකුත් වෙනවා. මේ නිසා අලුත් දෙය හැදෑ­රී­මට හැකි­යාව තිබිය යුතුයි.

වර්ත­මාන පෙර පාසල් අධ්‍යා­පන ක්‍රමය දැන් තර­ග­කාරී තත්ත්ව­ය­කට මුහුණ දී තිබෙ­නවා. ක්‍රියා­කා­ර­කම් වැඩියි. ඉගැ­න්වීම් වැඩියි. මේ නිසාම මානව දයාව ඇති දරු­වන් බිහි­වීම විරල වෙලා.

2027 වන විට පළාත් නව­ය­ටම එකම ජාතික පෙර පාසල් අධ්‍යා­පන ක්‍රම­යක් ක්‍රියා­ත්මක කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ මගින් සියලු පෙර පාසල් නියා­ම­නය කර­නවා. පෙර පාස­ල්වල ගුණා­ත්මක භාවය වර්ධ­නය කිරීම සහ ගුරු­ව­රුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවී­මට රජය නියා­ම­නය වන පූර්ව ළමා විය සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ළක් අපි හද­නවා”

බස්නා­හිර පළාත් අමා­ත්‍යාංශ ලේක­ම්ව­රුන්, නිල­ධා­රීන්, ජාතික අධ්‍යා­පන ආය­ත­නය සහ විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ නියෝ­ජි­ත­යන්, මොස්වර්ල්ඩ් මාටි­නස් පද­නමේ නියෝ­ජි­ත­යන් පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *