ඕස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙමින් AusTV නමින් ශ්‍රි ලාංකීය ඉංග්‍රිසි TV නාලිකාවක් ඇරඹෙයි

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවනු ලබන නවතම නාලිකාව වන ‘AusTV’ අද නිල වශයෙන් විකාශන කටයුතු ආරම්භ කර තිබේ. දේශපාලන නියෝජිතයන්, ව්‍යාපාරික ප්‍රජාව, ප්‍රජා නායකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති සමාරම්භක උත්සවයේදී නාලිකාවේ ඉදිරි දැක්ම සහ ඉදිරියේදී ගෙන ඒමට නියමිත වැඩසටහන් පෙළගැස්ම එළිදක්වන ලදී.

ඔස්ට්‍රේලියාව පුරා විසිරී සිටින විවිධ ප්‍රජාවන්ට වැදගත් වන පුවත්, කාලීන තොරතුරු සහ සැබෑ ජීවිත කතා ඉංග්‍රීසි බසින් නවමු ආකෘතියකින් ඉදිරිපත් කිරීම මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණයි. ප්‍රවෘත්තිවලට අමතරව ප්‍රජා සිදුවීම්, ව්‍යාපාරික තොරතුරු, දේශපාලනික හා සමාජයීය කරුණු මෙන්ම විශේෂ සම්මුඛ සාකච්ඡා රැසක් මේ ඔස්සේ විකාශය කිරීමට සැලසුම් කර ඇත.

වසර ගණනාවක් පුරා එරට ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ ගොඩනගාගත් මාධ්‍ය සම්බන්ධතාවය තවදුරටත් පුළුල් කරමින්, විවිධ පසුබිම්වලින් පැමිණෙන ජනතාවගේ දෛනික ගැටලු සහ ප්‍රාදේශීය කතාවලට ප්‍රමුඛතාවය දෙමින් සමස්ත ඔස්ට්‍රේලියානු ප්‍රජාවම එකම වේදිකාවකට එක්කිරීම AusTV හි මූලික ඉලක්කය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *