ශ්‍රි ලංකාව දකුණු ආසියාවේ ධනාත්මක ආකල්ප සහිත රට බවට පත් වෙයි

දකුණු ආසියානු කලාපයේ ජනතා ආකල්ප පිළිබද පියූ පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කළ අධ්‍යයනයකට අනුවයි ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම ධනාත්මක ආකල්පයක් සහිත රට බවටශ්‍ රී ලංකාව පත්ව තිබෙනවා.

බංග්ලාදේශය, ඉන්දියාව පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුල් කරගනිමින් මෙම සමීක්ෂණය සිදු කළා.

බංග්ලාදේශ, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල මෙම සමීක්ෂණයට යොදාගත් අයගෙන් අඩකට වැඩි පිරිසක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක ආකල්ප පල කර තිබෙනවා.

එහිදී සෘණාත්මක අදහස් පල කර ඇත්තේ තුනෙන් එකක් හෝ එයටත් වඩා අඩු පිරිසක්. සමීක්ෂණයට ලක් වූ සෙසු රටවල් හරහා ශ්‍රී ලංකාව අඛණ්ඩව ධනාත්මක ප්‍රතිරූපයක් පවත්වා ගනිමින් කැපී පෙනෙන ගමනක නිරත වන බවයි සමීක්ෂණයේදී හෙළි වුණේ.

ඒ අනුව සෙසු රටවල ජනතාව තුළ ශ්‍රී ලංකාව පිළිබද ආකල්පමය වෙනසක් සිදුව තිබෙනවා.

සමීක්ෂණය අනුව පාකිස්ථානය පිළිබද ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ බොහෝ පිරිසක් ධනාත්මක ආකල්ප දැරුව ද ඉන්දියාවෙන් පාකිස්ථානය පිළිබද ලැබී ඇත්තේ ඉතාම අඩු කැමැත්තක්.

කාලයත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජනප්‍රියත්වය වර්ධනය වී ඇති බවයි පියූ පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

2024 වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියානුවන් තුළ පවතින ප්‍රසාදය සියයට 6 කින් ඉහළ ගියා.

ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 63 ක්ම සදහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාවේ වැදගත්ම මිතුරා වන්නේ ඉන්දියාව බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *