ජාතික ජන බලවේගය (මාලිමා) රජය විසින් රට තුළ කාර්යක්ෂම පාලනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්ප ධනාත්මක මට්ටමක පවතින බව නවතම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මහජන මත විමසුමක දත්ත මඟින් හෙළි වී තිබේ.
ශ්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයක් වන 62.8% ක ප්‍රතිශතයක් ජාතික ජන බලවේගය රජයට කාර්යක්ෂම පාලනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව තෘප්තිමත් වන බව ප්‍රකාශ කර ඇත.
වත්මන් රජයේ පාලන කාර්යක්ෂමතාව පිළිබඳව අතෘප්තිමත් වන පිරිස 23.1% ක් ලෙස සටහන් වේ.
සමීක්ෂණයට ලක්වූවන් අතරින් 8.8% ක පිරිසක් සඳහන් කර ඇත්තේ තමන් රජයේ කාර්යක්ෂමතාව පිළිබඳව තෘප්තිමත් වන්නේ හෝ අතෘප්තිමත් වන්නේ නැති (මධ්‍යස්ථ) ස්ථාවරයක පසුවන බවයි.