දුම්රිය වර්ජනය දවසේ ගත්තේ නැති ටිකට් එකත් අද අරන් තරුණයෙක් කෝච්චියට වෙච්ච ණයත් ගෙවයි

ටිකට් පත් නිකුත් නොකිරීම හේතුවෙන් නොමිලේ දුම්රියේ ගමන් කිරීමට සිදුවූ මගීන් වෙනුවෙන්, තමන් එදින ගිය ගමනට අදාළ මුදල අද දින අමතර ටිකට් පතක් මිලදී ගනිමින් පියවීමට තරුණයෙකු කටයුතු කර තිබෙනවා.

පසුගිය 17 හා 18 දින දෙකෙහි පැවැති දුම්රිය වෘත්තීය සමිති වර්ජනය නිසා ජනතාවට දෛනික අත්‍යවශ්‍ය ප්‍රවාහන අවශ්‍යතාවයට බාධා පැමිණෙන නිසා ඊට විසඳුමක් රජය විසින් ලබා දුන්නා. ඒ අදාල සාමාන්‍ය ක්‍රියාපටිපාටිය කරගෙන යාමට සේවකයින් නොමැති නිසා මගීන්ට නොමිලේ දුම්රියේ ගමන් කිරීමට අවස්තාව ලබාදීමයි. නමුත් මෙම වර්ජනය තිබුණු දින දෙකට රජයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට ඉතා විශාල ආදායම් පාඩුවක් සිදු වුණා.

එදින ටිකට් පතක් රහිතව දුම්රියේ ගමන් කළ තරුණයෙකු ‘රටවටා දුම්රිය මගීන්ගේ සංගමය’ Facebook සමූහයට මෙලෙස සටහනක් තබා තිබුණා,

“වර්ජනය පැවැති දිනයේ නොමිලේ ගමන් කළා… ඒ නිසා අද ටිකට් පත් දෙකක් ලබා ගත්තා. පුරවැසියෙකු ලෙස මගේ වගකීම ඉටු කළා පමණයි “
.
මෙමගින් අදහස් වන්නේ හුදෙක් රුපියල් සිය ගණනක ටිකට් පතක් පිළිබඳ කතාවක් ගැන නොවේ. මෙය රට හදන අලුත් පරම්පරාවේ ආකල්පමය වෙනස පෙන්නුම් කරන විශිෂ්ට පූර්වාදර්ශයකි.

මහජන දේපළ යනු “නොමිලේ ලැබෙන නිසා ඕනෑම දෙයක් කළ හැකි” දෙයක් නොව, එය තමන්ගේම වගකීමක් ලෙස සැලකිය යුතුයි. එමෙන්ම රටේ සිදුවන System Change එකට තරුණ පරම්පරාව සැබැවින්ම දායක වන ආකාරය මින් පැහැදිලි වේ.

ආණ්ඩුවක් හෝ පාලකයින් පමණක් නීති පැනවූ පමණින් රටක් දියුණු කළ නොහැකි අතර සැබෑ පරිවර්ථනයක් සිදු වන්නේ පාලකයන් මෙන්ම පුරවැසියන්ද සිය වගකීම් නිසි ලෙස ඉටු කරන විට පමණයි.

දූෂණයෙන් සහ අයාලේ යාමෙන් තොර, වගකීම් සහගත සමාජයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට, මෙවැනි තරුණයන්ගේ ආකල්පමය වෙනස විශාල ශක්තියකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *