දක්ෂිණ අධිවේගයේ වාහන 11ක් ගැටුණු අනතුරෙන් ආසන පටි නිසා ජිවීත බේරෙයි

ඉදිරියෙන් යන වාහනය තිරිංග තද කළ විට අනතුරක් වළක්වා ගැනීමට හැකි වන පරිදි ප්‍රමාණවත් පරතරයක් නොතබා, නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම සහ “අනතුරක් වළක්වා නොගැනීම” යන චෝදනා යටතේ අනතුරට ලක්වූ සියලුම රියදුරන්ට එරෙහිව මෝටර් වාහන පනත යටතේ නඩු පවරන බව පොලිසිය අවධාරණය කළේය. කැබ් රථයේ රියදුරා මත්ද්‍රව්‍ය ගෙන ඇත්දැයි පරික්ෂණ: අනතුරට මූලිකම හේතුව වූ කැබ් රථය පැදවූ රියදුරා බීමත්ව හෝ මත්ද්‍රව්‍ය භාවිත කර සිටියේදැයි පරික්ෂා කිරීමට අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ බරපතළ නොසැලකිල්ල සහ අධික වේගය මීට ප්‍රධාන හේතුවක් බව පොලීසිය පවසයි.

පාසල් දරුවන් දිවි බේරාගත්තේ Seat Belt නිසා: අනතුරෙන් තුවාල ලැබූ 13 දෙනා (පාසල් දරුවන් 8ක් ඇතුළුව) කළුතර දකුණ නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊයේ (සැප්තැම්බර් 20) සිට දැඩිව ක්‍රියාත්මක කළ සීට් බෙල්ට් (Seat Belt) නීතිය නිසා බස් රථයේ සිටි දරුවන් සීට් බෙල්ට් පැළඳ සිටීමෙන් කිසිවෙකුටත් බරපතළ හෝ මාරාන්තික හානි සිදුනොවී සුළු තුවාල සහිතව දිවි බේරාගැනීමට හැකිවූ බව පොලීසිය තහවුරු කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *