ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවලට පත්කර ඇති මෙරට දේශපාලකයන්ගේ දරුවන් ඥාතීන් හා හිතවතුන් පිළිබඳ පූර්ණ වාර්තාවක් සකස්කර තමාට ලබාදෙන ලෙස විදේශ ඇමැති විජිත හේරත් මහතා විදේශ අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මේ වනවිට එම වාර්තාව විදේශ අමාත්‍යාංශය මගින් සකස් කර ගෙන යනු ලබයි.
එම වාර්තාව ලබා ගැනීමෙන් පසුව එම පත්වීම් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට විදේශ ඇමැතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ.
එසේ වුවත් දැනට පත්කර ඇති විදේශ තානාපති නිලධාරීන් හදිසියේ මෙරටට කැඳවීමට අපේක්ෂා නොකරන බව ද වාර්තා වේ.