සමාජ මාධ්‍ය පනත සම්මත වුවහොත් ෆෙස්බුක්,ගූගල් ඇතුළු සමාගම් ලංකාව අත්හරින්න යයි

මතභේදාත්මක මාර්ගගත සමාජ මාධ්‍ය ආරක්ෂන පණත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ සම්මත වුවහොත් සමාජ මාධ්‍ය සමාගම් රැසක් ජනවාරි 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය ආයතන සමග සියලු සන්නිවේදන සම්බන්ධතාවන් අවසන් කිරීමට සුදානම් වී තිබෙනවා.

ඒ අනුව Meta,Youtube ,Google,X ,Yahoo,Linkedin ඇතුලු තවත් දැවැන්ත සමාගම් රැසක් ලංකාව සමග සම්බන්ධතාවන් අහොසි කරනු ඇති.

මෙම පණත සම්මත වුවහොත් රටකට සමාජ මාධ්‍ය ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේම නිති අනුව කටයුතු කල හැකියි. නමුත් තාක්ෂනික සමාගම් පවසන්නේ මෙවැන්නක් අවශ්‍ය නොවන බවයි.

රජය මෙම පණත දෙවැනි කියවීම පාර්ලිමේන්තුවේදී අද සිදු කරන අතර එය හෙට දින එනම් බදාදා දින සම්මත වනු ඇති.

AIC එක විසින් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර පණතේ යෝජිත මතභේදාත්මක නීති සංශෝධනය කරන ලෙස නැවත නැවතත් රජයෙන් ඉල්ලා තිබුණා.

එලෙසම ජනවාරි 8 AIC විසින් පණත ප්‍රතික්⁣ශේප කරමින් කියා සිටියේ සංශෝධනයකින් තොරව පණත පාර්ලිමේන්තුවට ගෙන ගියහොත් ඔවුන් සමග ඇති සහයෝගිතාව බිද වැටිය හැකි බවයි.

ඒ අනුව පණත සම්මත වුවහොත් තාක්ෂනික සමාගම් ශ්‍රී ලංකාවේ පරිගණක අපරාධ අංශය,විදුලි සංදේශන කොමිශන් සභාව හා ජනාධිපති කාර්යාලය සමග ඇති සම්බන්ධතාවන් අත්හිටූවීමට ඉඩ තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *