ඊයේ (24) දිනයේ සුරේෂ් සලේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතර වූ විවාදය, පක්ෂයේ අනුග්‍රහය හෝ පක්ෂයේ ප්‍රතිපත්ති මත ඇති වූවක් නොවන බවත්, තමන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ද නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
ඒ අනුව, එවැනි විවාදයකින් ජාතික තීරණයකට එළඹීමේ හැකියාවක් නොමැති බවයි අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ මහ ලේකම්වරයා සඳහන් කළේ.
මෙහි ඇත්තේ විවාද කරනවාට වඩා එහා ගිය නීතිමය කාරණයක් බවත්, සුරේෂ් සලේ රඳවාගෙන තිබෙන්නේ අධිකරණ නියෝගයක් මත නොව, ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බව ද ඔහු ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයාගේ නියෝගයක් මත, ඔහුව කිසිදු සාක්ෂියක් නොමැතිව සහ උසාවියට සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරව අත්අඩංගුවට ගැනීම වැරදි බවත්, එවැනි වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනෙකු අතර ඇති වන විවාදයකින් තීන්දු කිරීමට නොහැකි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.